Sunday, November 15, 2020

How to create a professional stamp collection

පොඩිකාලෙ අපිට අහන්න ලැබුනු වැඩියෙන්ම ජනප්‍රිය වුනු විනෝදාංශයක් උනේ මුද්දර එකතු කිරීම.ගොඩක් දෙනෙක් ඒ කාලෙ කොහෙන් හරි හම්බඋන හෝ එකතු වුනු මුද්දර ටිකක් පොතක එකතු කරගෙන හිටියා. ඒත් කීයෙන් කීදෙනෙකු ද වයසින් මුහුකුරා ගියාට පසුවත් මුද්දර කලාව තාමත් විනෝදාංශයක් එහෙමත් නැත්නම් ඊට එහා ගිය මුදල් උපයන ක්‍රමයක් කරගෙන තියෙන්න.

මම මේ විස්තර කරන්න හදන්නේ මුදල් උපයන තැනට ක්‍රමයෙන් තමන්ගෙ මුද්දර එකතුව පිලිවෙලකට සාදා ගෙන ඉදිරිපත් කරන ආකාරය.ඉතින් මම ශ්‍රී ලාංකිකයෙක් නිසා මම එකතු කරේ ශ්‍රී ලංකාවෙ මුද්දර, ඉතින් මම ඒ ශ්‍රී ලංකාවෙ මුද්දර පදනම් කරගෙන තමයි මේ තොරතුරු ගෙන එන්නෙ. හොඳට මතක තියාගන්න මේක වයස් සීමාවක් නැති විනෝදාංශයක්. නිදහසේ හිත නිවාගන්න හොද ක්‍රමයක්.

මුද්දරය හා සබැඳිව මුද්දර කලාවේදී නිකුත් කරන බොහෝ දේවල් තියෙනවා ඒව අතරින් ප්‍රධාන වන්නේ

 

·         මුල් දින කවරය සහ ඒ සමග එන විස්තර පත්‍රිකාව

·         සිහිවටන පත්‍රිකාව

 

පාරම්පරිකව එකතු කරන පිරිසට මෙය පවත්වාගෙන යෑම දුෂ්කර නොවෙන්න පුළුවන් මොකද පරණ මුද්දර දැනටමත් ඒගොල්ලො ලග තියෙන නිසා ඒ කියන්නේ මුද්දර අලුතින්  මිලදී ගන්නකු ට පරණ මුද්දර වලට වැඩි වටිනාකමක් ගෙවන්න වෙන නිසා.මම දකින විදියට මුද්දර එකතු කරන්නන් විවිධ ක්‍රම භාවිතා කරනවා.

 

·         Mint/Used mixed collection.

·         භාවිතා නොකරන ලද එකතුව. [Mint Collection]

·         භාවිතා කරන ලද එකතුව. [Used Collection]

·         4 * 4 එකතුව - මිල අධිකව වැයවනවා සහ මේවා විරලයි මොකද මුද්දර හතරක් එකට තියෙන්න ඕනෙ වෙන් නොකර. [Block of Four]

·         මුල් දින කවර සහ විස්තර පත්‍රිකා – බොහෝවිට හැම මුද්දරයකටම මේවා නිකුත්  කරනවා.

·         Stamp Sheets. - එකියන්නේ මුද්දර නිකුත් වෙන්නෙ තනි ලොකු කොලයක, මෙම කොලයේ මුද්දර 10-100 අතර තියෙනවා, මේ කොලයම එකතු කරන අයත් ඉන්නවා නමුත් මේකට ගොඩක් වියදම් වෙනවා.

·         නිකුත් වුනු විශේෂ සිහිවටන – මේව හැම මුද්දරයකටම නිකුත් වෙන්නෙ නෑ

·         වෙසක්,නත්තල්,සතුන්,ගොඩනැගිලි,වාහන,ප්‍රසිද්ධ පුද්ගලයන්, වගේ විවිධ ආකාරයටත් එකතු කරනවා,මෙතනදී catalogue එකක් අදාල වෙන්නෙ නෑ.

·         මුද්දරයේ සීල් එක පේන ආකාරයට මුද්දර එකතු කරනවා.- කියන්නෙ මේ සීල් එක ලාංකාවෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා අන්න ඒ සීල් එක පැහැදිලිව පේන ඒවා.

·         Different Cancellation Sets විදිහත් එකතු කරනවා.ඒ කියන්නේ මේ වගේ මුද්දර වල මිල කලෙන් කාලෙට වෙනස් කරලා එකම මුද්දරය උඩ Print කරපු මුද්දර.

·         සීල් පැහැදිලිව වැදුන මුද්දර කවර.

මුද්දර නිකුත් කරන ලද කාල වකවානු අනුව පහත අකාරයට කොටස් කර ගන්න අපිට පුලුවන්. මෙහෙම කොටස් කරගත්තොත් එකතු කිරීම පහසු වෙනවා


Stamps printed during the period of Queen Victoria                   1857 – 1900 [43 Years]

Stamps printed during the period of King Edward the 7th          1903 – 1910 [7 Years]

Stamps printed during the period of King George the 5th          1912 – 1935 [23 Years]

Stamps printed during the period of King George the 6th          1937 – 1947 [10 Years]

Stamps printed after the independence                                      1948 – 1999 [51 Years]

Stamps printed after millennium                                                 2000 - Up to now [23 years]


මේ හැම එකෙන්ම ඉතින් වටිනාකමක් වැඩිවෙන්නෙ පිලිවෙලකට එකතුව සම්පූර්ණ  කරාම තමයි සහ කාලයත් එක්ක, උදාහරණයක් විදිහට අද නිකුත් වුන මුද්දරයේ වටිනාකම තව අවුරුදු 10 ඊට වඩා වැඩි සහ හොයන්න අමාරුයි,එතකොට කාලයත් එක්ක වටිනාකම වැඩිවෙන්නෙ එහෙමයි .

සාමාන්‍යයෙන් 2020 දි වගේ Mint/Used Collection එකක් ලක්ෂ 3 – 4 අතර විකිණීමට පුළුවන් වෙන්න හදන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙ මුලින්ම නිකුත් වුනු මුද්දර ඒ කියන්නේ නිදහස ලැබෙන්න කලින් මුද්දර මිලෙන්ද අධිකයි සහ විරලයි.ඒ කියන්නේ පරණ මුද්දර එකතු කරලා හැදුවොත් මීට වඩා මුද්දර පොතේ වටිනාකම වැඩිවෙනවා නමුත් ප්‍රායෝගිකව එකතු කරන්න පහසු 1935 වගේ ඉදන් අද වෙනකං මුද්දර විතරයි ඊටකලින් මුද්දර මිල අධිකයි.දැන් මුද්දර එකතු කරල සම්පූර්ණ එකතුවක් හදන්න ඔයාට හිතුණා නම් කොහොමද මේ වැඩේ පටන් ගන්නේ.

 

මුලින්ම මේ හැමදේම කරන්න ඔයාලට Catalogue එකක් අවශ්‍ය වෙනවා.මොකද තමන් ලග තියෙන මුද්දර මොනවාද තව කොච්චර ඔයාලගෙ එකතුව  සම්පූර්ණ කරන්න තියෙනවාද වගේ දේවල් දැනගන්නට සහ මුද්දර පොතක මේවා පිලිවෙලකට සකස් කරනකොට පිලිවෙලක් හදාගන්න මේ Catalogue වටිනවා.Catalogue ගොඩක් ඇති, නමුත් මම භාවිතා කරේ Philatelic Bureau එකෙන් Published කරපු Catalogue පොත් 3 සහ Stanley Gibbons Published කරපු පොතක්. මේ පොතක් නම් මිලෙන්ද අධිකයි. [Stanley Gibbons Commonwealth Stamp Catalogue Bangladesh,Burma,Pakistan & Srilanka] මේකෙ ශ්‍රී ලංකාවෙ විතරක් නෙමේ රටවල් කිහිපයක විස්තර තියෙනවා.

 

ප්‍රධානම දේ වෙන්නෙ ලැබෙන මුද්දර කාලයත් එක්ක එකතු කරන එක සහ හුවමාරු කර ගන්න පුළුවන් එහෙමත් නැත්නම් කාර්යාලය වල අහක දමන මුද්දර කවර වලින් ගලවගන්න පුළුවන්. කවුරු හරි දන්නා කෙනෙකුට කියල ගෙන්න ගන්න පුළුවන්. ඔය ක්‍රමයෙන් ඉතින් මුදල් වැය නොකර කාලයක් එකතු කරන්න වෙනවා. නමුත් ගොඩක් පරණ මුද්දර මේ විදිහට එකතු කරගන්න බැහැ. ඒවා මිල දීල ගන්නම වෙනවා.එහෙම කරනවානම් ප්‍රධානම ස්ථානය වෙන්නෙ තැපැල් මූලස්ථානය [Philatelic Bureau]. කොළඹ නෙලුම් කුලුන ලගට ආවනම් එතනමයි තියෙන්නේ. එතනින් මුදල් තියෙනවා නම් මිලදී ගන්න පුලුවන්.හැබැයි මෙතනදී මුද්දරයේ වටිනකමින් [face value] මුද්දර ගන්න පුළුවන් අද ඉදන් බැලුවොත් අවුරුදු 3 ආපස්සට විතරයි. ඒ කියන්නේ මුද්දරයේ වටිනාකම වැඩිවෙනවා කාලයත් එක්ක.තව එතනදී Year Packs මිලදී ගන්න පුළුවන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට 2010 ලාංකාවෙ නිකුත් වුනු මුද්දර සියල්ල එකපාරට මිලදී ගන්න පුළුවන්.එතකොට මම කියපු Catalogue පොත් මිලදී ගන්නත් පුලුවන්. පොත් 3 ක් තියෙනව. 3 ම ගන්න රුපියල් 9,000/= ඕන වෙනවා. මේවා online මිලදී ගන්නත් පුලුවන්, Login එකක් හදාගෙන Register වෙන්න අවශ්‍ය වෙනවා. Register වෙන්න මුදල් අය කරන්නේ නෑ. [http://www.stamps.gov.lk/] සහ standing order එකක් දාල හැමදාම නිකුත් වෙන මුද්දර ගෙදරට ගෙන්න ගන්න විදිහක් හදා ගන්නත් පුලුවන්


විවිධ අවස්ථාවල Philatelic Bureau එකේ ප්‍රදර්ශන පවත්වනවා.ඒ වෙලාවට එන්න පුලුවන් නම් ගොඩක් මුද්දර මිලදී ගන්නත් පුලුවන්. එවිට විවිධ එකතු කරන්නන් එතනට එනවා. තව Colombo Public Library එකේ මුද්දර සමාජයක් විසින් මුද්දර ප්‍රදර්ශන පවත්වනවා. ඒකට ඇවිල්ලත් මුද්දර මිලදී ගන්න පුලුවන්. මාසෙ අන්තිමේ සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා දිනවල මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. එතනට විවිධ පුද්ගලයන් එනවා මුද්දර,කාසි නෝට්ටු වගේ දේවල් අරගෙන. Online Facebook Pages හදාගෙනත් ගොඩක් අය මුද්දර විකිණීමට දාල තියෙනවා. මිල ගනන් බලල මිලදී ගන්න කියලා මම අවවාද කරවා.මේ හැම තැනින්ම මුදල් තියෙනවා නම් මිලදී ගන්න පුලුවන්.

ඉතින් ඔයාල එකතු කරන මේ හැමදේම පිලිවෙලකට ඉදිරිපත් කරන්න මුද්දර පොත් ගන්න වෙනම තියෙනවා.මුද්දර එකතු කරන්නන් කාලෙන් කාලෙට විවිධ ක්‍රම භාවිතා කරලා තියෙනවා. පොඩිකාලෙ දි නම් ගම් ගාල පොත් වල අලවලත් තියෙනවා. නමුත් ඒකෙන් මුද්දරයේ වටිනාකම අඩුවෙනවා. ඒක අසාර්ථක ක්‍රමයක්පටි වලට මුද්දර ඇතුළු කරලා තියාගන්න ක්‍රමය තමයි හොඳම සහ හරිම විදිහ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙ පොත් සාප්පු වල ගන්න තියෙන්නේ මෙන්න මේවගේ පොත්. මුද්දර අලවන හොඳ පොතක් තමයි මේ තියෙන්නේ මේක නම් පිටු 64. ශ්‍රී ලංකාවෙ  මුදලින් 8,000 – 15,000/= විතර වෙනවා. මේ වගේ හොඳ පොත් ගන්න පුළුවන් පසුවට. මුලින්ම මුද්දර ටික Catalogue එක සමග යමින් එකතු කරන්න.කොහොමත් ශ්‍රී ලංකාවෙ විවිධ මුද්දර 2000 විතර අද වෙනකොට නිකුත් කරලා තියෙනවා එකියන්නේ ඔය මුද්දර 2000 ඔයා එකතු කරා කියන්නේ එකතුව සම්පූර්ණයි.ගොඩක් අතීත මුද්දර එකතු කරන්න අමාරු නිසා බොහෝවිට එකතුව ගොඩක් අය හදන්නෙ 1935 – 2020 වගේ.

තව දෙයක් මේ ඔක්කොම මුද්දර ප්‍රදර්ශනයට සතියේ දිනවල Philatelic Bureau එකේ තියෙනවා. මුද්දර ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැක ගන්න පුලුවන්. ටිකට් එක නම් රුපියල් 20 වෙන්නෙ. එතනට එන්න කියලා මම ආරාධනාවකුත් කරන්න කැමතියි.

ලිවුවේ - සමින්ද කරුණාරත්න